ජනපතිගෙන් ලෝක නායකයින්ට සැර පිළිතුරක් රණවිරුවන්ගේ ආරක්ෂාව ගැන සහතිකයක්

Sharing is caring!

මෙරට රණවිරුවන්ට එරෙහිව කි‍්‍රයාමර්ග ගැන්නැයි කිසියම් ජාත්‍යන්තර සංවිධානයක් බල කරන්නේ නම් එැවැනි සංවිධානය වල නායකත්වයෙන් ඉවත්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවදාරණය කරයි.

ජනාධිපතිවරයා මේ බව සදහන් කර සිිටියේ  බත්තරමුල්ල රණ විරු ස්මාරකය ඉදිරිපිටදී අවසන් වුණු 11 වන රණවිරු සැමරුම් දිනය අමතමින් ඔහු වැඩි දුරටත් කියා සිටියේ තම පාලන කාලය තුළ රණවිරුවන්ට එල්ල වන සියලු තර්ජණවලින් රණවිරුවන් ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන බවයි.

තව දුරටත් අදහස් දැක්වූ රාජපක්ෂ මහතා කියා සිටියේ ලෝකයේ බලවත් රටවල පවා තම රටවල ආරක්ෂක අංශ සාමාජිකයන් ආරක්ෂා කරන අතර ශ්‍රී ලංකාව වැනි රටවලට එසේ සිදු කිරීමට විවෙචනයට ලක් කළ නොහැකි බවයි.

තවද යුද්ධයේ වේදනාව මෙරට සෑම කෙනෙක්ම අත්විද ඇති අතර රණවිරුවන්ගේ වීරෝධාර පරිත්‍යාග හමුවේ එම සමය අවසන් කර ඇති බවත් ඔහු කියා සිටියේය.

රාජපක්ෂ මහතා තවදුරටත් කියා සිටියේ හැකි සෑම අයුරකින්ම රණවිරුවන් ආරක්ෂා කිරීමට කටයුතු කරන බවයි.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

shares
error: Content is protected !!