ගුවන් තොටුපොලට එන සියලු දෙනාගේම PCR ප්‍රතිඵල ගැනීමෙන් පසු නිරෝධායනයට යොමු කරන්න ජනපතිගෙන් උපදෙස්

Sharing is caring!

■ මෙරටට පැමිණීමට කැමැති සියලු දෙනාට අවස්ථාව 

■ ගුවන්තොටුපොළ පරිශ්‍රයට පරීක්ෂණාගාරයක් 

■ අදාළ රටේදීම ඡක්‍ඍ පරීක්ෂණ හැකියාව විමසුමට .

විදේශ රටවල සිට පැමිණෙන්නන් ඡක්‍ඍ පරීක්ෂණයට භාජන කොට ප්‍රතිඵල ගුවන් තොටුපොළ පරිශ්‍රයේදීම ලබා ගැනීමෙන් පසු නිරෝධායනයට යොමු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

ආගමන පටිපාටියට පෙර, පරීක්ෂණ ප්‍රතිඵල ලැබෙන තෙක් වෙනම ස්ථානයකට යොමු කර ඔවුනට අවශ්‍ය පහසුකම් සලසන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.

කොවිඞ් – 19 මර්දන කාර්ය සාධක බලකාය සහ විශේෂඥ වෛද්‍යවරුන් සමග අද (04) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙලෙස අදාල නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
එතෙර සිට විශේෂයෙන් මැද පෙරදිග සිට සිය රට එන පිරිස් ඡක්‍ඍ පරීක්ෂණයට භාජන කිරීමේදී සහ නිරෝධායනයට යොමු කිරීමේදී මුහුණ පෑමට සිදුවන ගැටලු සහ ඒවා විසඳිය යුතු ආකාරය අද රැස්වීමේ දී දීර්ඝ වශයෙන් විමර්ශනය කෙරිණ.

ඡක්‍ඍ ප්‍රතිඵල කඩිනම් කිරීමට ගුවන් තොටුපොළ පරිශ්‍රයේම පරීක්ෂණාගාරයක් ස්ථාපනය කිරීමට ද තීරණය කෙරිණ. වසංගතය දීර්ඝ කාලයක් පැවතිය හැකි බැවින් සහ ඉන් ඔබ්බට ද ගුවන් තොටුපොළ පරිශ්‍රයේ පරීක්ෂණාගාරයක් තිබීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

විදේශයන්හි සිට පැමිණෙන පිරිස් අදාළ රටේදීම ඡක්‍ඍ පරීක්ෂණයට යොමුකිරීමට හා එය රජයේ ඝෘජු මැදිහත්වීමෙන් හෝ අදාළ රටේ දායකත්වයෙන් සිදුකිරීමේ හැකියාව සොයා බැලීමට ද තීරණය කෙරිණ.

මෙලෙස කල්තියා ආසාදිතයින් හඳුනා ගැනීමෙන් රෝහල් වෙත යොමු කිරීමේදී සහ නිරෝධායනයේදී මතුවන ගැටලු රැසක් අවම කර ගැනීමට ද හැකිවෙතැයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නෙය.
මවුබිමට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින සියලුදෙනාට හැකි ඉක්මණින් අවස්ථාව ලබාදිය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

shares
error: Content is protected !!