අගෝස්තු 1ට පෙර විදෙස් රටවල සිරවී සිටින සියලුදෙනා ගෙන්වා ගැනීමේ සැලසුමක්

Sharing is caring!

කොරෝනා වෛරසය හේතුවෙන් විදේශයන්හී සිරවී සිටින ශ්‍රී ලංකියින් සියලුදෙනා අගෝස්තු 1 වැනිදාට පෙර මෙරටට ගෙන්වා ගැනීමට පියවරය ගන්නා බවට රජය අවදාරණය කරයි.

සිවිල් ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කර සිටියේ විදේශයන් හී සිටින ශ්‍රී ලංකිකයින් යලි මව්බිමට ගෙන්වා ගැනීමේ මෙහෙයුම් කඩිනම් කර ඇති බවයි. ඒ අනුව මේ සතියේදී ගුවන් යානා කිහිපයක්ම මැදපෙරදිග රටවලට යෑමට නියමිත අතර අද ඩුබායි සිට ගුවන් යානයක් මෙරටට පැමිණීමට නියමිතය.

විදේශයින්හී සිටින ශ්‍රී ලංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමෙන් අනතුරුව ගුවන් තොටුපොළ යලි විවෘත කිරීමට පියවර ගන්නා බවද ඒ මහතා අවධාරණය කරයි.

මීට සමගමීව මත්තල ගුවන් තොටුපළේ ද ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් ඇරඹීමට රජය සුදානම් වෙයි. ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේ දැනටමත් ගුවන් සේවා අධිකාරිය, ගුවන් තොටුපළ හා ගුවන් සේවා අමාත්‍යංශය මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි.

විදේශගත ශ්‍රමිකයින් මවුබිමට ගෙන්වා ගැනීමේ කටයුතු ද කඩිනමින් අවසන් කරන ලෙස ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් උපදෙස් දී ඇති බවයි. ඒ නිසා අගෝස්තු 01 වෙනිදාට පෙර විදේශගත ව සිටින ශ්‍රී ලංකාවට පැමිණීමට සිටින අපේක්ෂාවෙන් සිටින සියලු දෙනා දිවයිනට ගෙන්වා ගැනීමට හැකිවනු ඇතැයි ද ඇමතිවරයා විශ්වාසය පළ කළේය.

කටුනායක ගුවන් තොටුපළට සමගාමි ව සංචාරකයන් සදහා මත්තල ගුවන් තොටුපළ ද විවෘත කරන බව පැවසු ඇමතිවරයා ගුවන් සමාගම් සමග දැනටමත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇතැයි කීවේය.

මත්තල ගුවන් තොටුපළට පැමිණෙන සියලුම ජාත්‍යන්තර ගුවන් යානා අදාළ ගුවන් තොටුපළ හා ගුවන් සේවා බද්දෙන් නිදහස් කිරීමට ද රජය තීරණය කර තිබේ. ඊට අදාළ කැබ්නට් පත්‍රිකාවට පසුගිය පෙබරවාරි මාසයේ දී අනුමැතිය හිමි විය.

ඒ අනුව මත්තල ගුවන් තොටුපළේ ගුවන් මෙහෙයුම් කඩිනමින් ආරම්භ කිරීමට ගුවන් සමාගම් කීපයක් ම දැනටමත් එකගත්වය පළ කර ඇතැයි ද ඇමතිවරයා කිවේය.

දිවයිනට පැමිණෙන ඕනෑම පුද්ගලයෙකු පි.සී.ආර් පරීක්ෂණයකට ගුවන් තොටුපළේදී ම ලක් කරන බවත්, එය අනිවාර්ය බවත් පැවසු ප්‍රසන්න රණතුංග මහතා සංචාරකයන්ට දිවයිනේ සංචාරය කිරීමට හැකියාව ලැබෙන්නේ ගුවන් තොටුපළේ සිදු කරනු ලබන පි.සි.ආර් පරීක්ෂාවෙන් පසුව බව ද කීවේය.

සෞඛ්‍ය අංශ උපදෙස් දැඩි ලෙස ක්‍රියාත්මක කරන ලෙස අදාළ අංශ වෙත උපදෙස් දී ඇතැයි ද ඇමතිවරයා මෙහි දී කීවේය.
මීට අමතරව නීත්‍යානුකූල නොවන මාර්ග වලින් පුද්ගලයින් රටට ඇතුළුවීම වැළැක්වීම සදහා ද රජය පියවර ගෙන තිබේ.

විශේෂයෙන් ම මුහුදු මාර්ගයෙන් මෙරටට නීතිවිරෝධි සංක්‍රමණිකයින් පැමිණීම වැළැක්වීමට වෙනම මෙහෙයුමක් මේ දිනවල ක්‍රියාත්මක වන බව පැවසු ප්‍රසන්න රණතුංග මහතා මේ සියල්ල සිදු කරන්නේ මෙරටට කොවිඞ් 19 රෝගය ඇතුළුවීම වැළැක්වීම සදහා බව කීවේය.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

shares
error: Content is protected !!